November 30, 2021

Ada Rata

All news in one location

සපුගස්කන්ද වැඩ නැවතීමෙන් ගෑස් අර්බුදය තවත් තීව්‍ර වෙයි



බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව ඊයේ සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළේය. කෙසේ නමුත් ඉන්ධන සැපයුම සඳහා මින් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ.

මේ අතර තෙල් පිරිපහදුවේ කටයුතු ඇණහිටීම හේතුවෙන් ගෑස් සැපයුමටද බලපෑම් සිදුව තිබේ.

බොරතෙල් පිරිපහදුව හරහා දෛනිකව ගෑස් ටොන් 75 ක් ලැබෙන අතර මේ වනවිට එය අහිමි වී තිබෙනවා. දැනටමත් රටතුළ ගෑස් අර්බුදයක් මතුව ඇති අතර බොරතෙල් පිරිපහදුව ඇණහිටීම නිසා එම අර්බුදය තීව්‍ර වී තිබෙනවා.

අද දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර ගෑස් තොග නොලැබීම නිසා ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් සිය වෙළඳසැල් විවෘත නොකිරීමටද තීරණය කර තිබෙනවා.

UN




Source link