October 17, 2021

Ada Rata

All news in one location

සතොසෙ සුදුලූණු 135 ට ව්‍යාපාරිකයෙකුට විකුණලා ආයෙ එයාගෙන්ම 450 ට මිලදී ගන්නවා!



සතොස ආයතනයේ තොග ගබඩාවල තිබූ සුදුලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 135 බැගින් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකුණා, නැවතත් ඔහුගෙන්ම රුපියල් 450 බැගින් සතොස ආයතනයට මිලදී ගන්නා මහා ජාවාරමක් ක්‍රියාත්මක වූ බව පසුගියදා ඉල්ලා අස් වූ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

සුදුලූණු කන්ටේනර් දෙකක් මේ ආකාරයෙන් විකුණා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට අමතරව සීනි, පිටි, පාන්පිට ආදී භාණ්ඩ වර්ග රැසක් අලෙවි කරමින් දැවැන්ත ජාවාරම් සිදු කරන බවද කුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරනවා. මෙවැනි ජාවාරම් ඉහළ කළමනාකාරීත්වය සහ විෂයබාර අමාත්‍යවරයා නොදැන ක්‍රියාත්මක විය නොහැකි බවත්, මෙම ජාවාරම්වලට ඔවුන්ද වගකිව යුතු බවත් හිටපු විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඉහළ බළධාරීන්ට මෙන්ම රහස් පොලීසියටද පැමිණිලි කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN




Source link