December 4, 2021

Ada Rata

All news in one location

සජබ පෙළපාලිය කොල්ලුපිටිය‌ දෙසට හැරෙයි



සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ පෙළපාලිය කොල්ලුපිටිය දක්වා ගමන් කරමින් තිබෙනවා.

පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාක්ෂිකයන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරන බවයි.

පොලිස් බාධා කිරීම් හමුවේ කොළඹට පැමිණීමට නොහැකි වූ පාක්ෂිකයන් රටේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ විරෝධතාවයට සහාය පළ කරමින් විරෝධතාවයේ නිරතව සිටින බවද වාර්තා වේ.

මේ වනවිට කොළඹ නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

UN




Source link