December 4, 2021

Ada Rata

All news in one location

සජබ උද්ඝෝෂණයට සිදුවන බාධා පිළිබඳව පාර්ලිමේන්තුවේ වාද විවාද (Video)



සමගි ජන බලවේගය අද කොළඹදී සංවිධානය කරන තිබෙන උද්ඝෝෂණය සඳහා සහභාගි වන පාක්ෂිකයන්ට විවිද ප්‍රදේශවලදී බාධා එල්ල වී ඇති බව එම පක්ෂයේ සංවිධායකයන් පවසනවා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද විවාදයට ලක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව පොලීසිය භාවිතා කරමින්, නිරෝධායන නීතිවලට මුවාවෙමින් ජනතා විරෝධය මැඩපැවැත්වීමට සූදානම් වන බවයි.

මාතර, බදුල්ල, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසකින් උද්ගෝෂණය සඳහා කොළඹට පැමිණෙන පාක්ෂිකයන් පොලීසිය යොදවා බලහත්කාරී ලෙස ආපසු හරවා යැවීමට උත්සාහ දරමින් සිටින බවට සජබ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

UN




Source link