December 4, 2021

Ada Rata

All news in one location

සජබ උද්ඝෝෂණයට ලැබුණු අලුත්ම මහේස්ත්‍රාත් නියෝගය


සමගි ජනබලවේගය විසින් අද (16) උද්ඝෝෂණයක් සිදුකරන්නේනම් එය සෞඛ්‍ය උපමානවලට අනුකූලව සිදුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කර තිබෙනවා.

අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ (15) කොටහේන පොලීසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

එම ඒකපාක්ෂික නියෝගයට එරෙහිව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ කරුණු දක්වමින් එය ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

අද දින දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඊයේ නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය උපමානවලට අනුකූලව එය සිදුකළ හැකි බව නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link