December 4, 2021

Ada Rata

All news in one location

සංස්කෘතියට, දහමට, ඒකීයභාවයට හානියක් නැතිනම් පෝට් සිටි පනතට විරුද්ධ නෑ කියා මහනායක හිමිවරුන් කිව්වා



මීළඟ ලෝක බලවතා බවට පත්වන්නේ චීනය බැවින් ශ්‍රී ලංකාව චීනය සමග පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීම ඇමරිකාවට හිසරදයක් වී ඇති බව වත්මන් ආණ්ඩුවට සහාය දෙන ඉදිරිපෙළ භික්ෂුන් වහන්සේ නමක් වන මැදගොඩ අභයතිස්ස හිමි පවසයි

“මේකට විරුද්ධ කණ්ඩායම් කවුද ? ඔවුන්ව කවුද මෙහෙයවන්නෙ කියන එක පිළිබඳවත් හිතන්න ඕනෙ. හැබැයි මේ ඇමරිකාවට ඉන්දියාවට වගේ රටවල් වලට අවශ්‍යතාව තියෙන්න පුළුවන්, මොකද ඊළඟට ලෝක බලවතා බවට පත්වෙන්නෙ චීනය, චීනයත් එක්ක කරන මේ ගනුදෙනුව ඔවුන්ට අහිතකරවේය කියන අදහස. තමන් ව්‍යාපාර තවත් රටවල්වල අභිවර්ධනය කරන වැඩපිළිවෙල, ඒ වැඩපිළිවෙලේ චීනය ඉන්නවා, යුරෝපය පවා රෝඩ් ෂෝ කරලා ඔවුන් ආයෝජන මෙතෙන්ට, ලංකාවට අරගෙන එන්න කටයුතු කරනවා. ඒනිසා චීනය මුල්වෙලා වරාය නගරය ඉදිකරන්න කටයුතු කළාට චීනය විතරක් කරන ව්‍යාපාර නෙවෙයි මෙතන තියෙන්නෙ. 

ඒවගේම මහානායක හිමිවරුන් එක්ක අපි සාකච්ඡා කළා, උන්වහන්සේලා සඳහන් කළේ මේ රටේ සංස්කෘතියට, දහමට, ඒකීයභාවයට හානියක් නොවෙනවා නම් මීට විරුද්ධ වීමේ කිසිදු අර්ථයක් නෑ කියලා. කොමිෂන් සභාවක් හැටියට මේක පත්කරන්න ගත්ත තීරණය අපි නිවැරදි තීන්දුවක් හැටියට සලකනවා, හැබැයි මෙහිදී අපි කියන්න ඕනෙ ද්විත්ව පුරවැසියන්ට හෝ විදේශිකයකුට මේ කොමිසමට පත්වෙන්න පුළුවන්ද කියන එක. ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගතයුතුයි මේ රටේ පුරවැසියෙකුට පමණයි මේ කොමිසමේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් කියලා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link