October 28, 2021

Ada Rata

All news in one location

සංචාරක හෝටල් වල මත්පැන් විදේශිකයන් සඳහා අලෙවියට අවසර


ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරට පැමිණීමටත් සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් වල ඔවුන් සඳහා නවාතැන් ලබාදීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල් වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව නිරෝධායන ඇඳිරි නීති අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන ද විවෘත කිරීමට නියමිත අතර දිගු කාලයකට පසු මෙලෙස මත්පැන් අලෙවිසල් විවෘත කිරීමේදී එම ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයන් ඒක රාශිය වී අනවශ්‍ය තදබදයක් ඇති කර ගැනීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. colombotimes.lk

Viber



Source link