December 4, 2021

Ada Rata

All news in one location

සංචාරක හෝටලයක යකා නැටු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන විමර්ශන ඇරඹේ : හෝටලයේ CCTV දර්ශන දින 07කින් මැකී ගිහින්


ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු සංචාරක නිකේතනයකදී බීමතින් අශෝභන ලෙස හැසිරී ගැටුමක් ඇතිකරගත් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පොලිසියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 10 වැනිදා මිරිස්ස ප්‍රදේශයේදී සිදුව ඇතැයි පවසන මෙම සිදුවීමට අදාළව මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව නැතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනා-කරණ කමිටුවේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණයට සහය කරගැනීම පිණිස පොලිසිය වෙතින් මෙම වාර්තාව ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව තීරණය කළ අතර ඒ අනුව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ටනේෂ් ඩයස් මගින් කරුණු සොයාබැලීමේ වාර්තාවක් කැඳවා තිබේ.

මෙයට අදාළව ඊයේ (20 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එකී ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් කරුණු විමසීමට යෙදුණු අතර, තමන් එහිදී බීමතින් සිටි බව ඔහු මෙහිදී පිළිගෙන ඇතත්, එම ගැටුම හටගත්තේ තමන්ගේ හැසිරීමක් හේතුවෙන් නොවන බවත්, තමන් සමග එම ස්ථානයට ගිය තම මිතුරකු සමග පිරිසක් ඇතිකරගත් ගැටුමට තමා මැදිවූ බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර ගැටුම සිදුවූ බව පවසන සංචාරක නිකේතනයෙන් අදාළ ගැටුමේ සී.සී.ටී.වී දර්ශන විමසා සිටීමේදී, දවස් 7ක් ඇවෑමෙන් ඒවා ඉබේ මැකී යන බව දැනුම් දී ඇති අතර, එහි කළමනාකාරීත්වය විසින් දක්වා ඇති අදහස් අනුව, අදාළ ක්‍රීඩකයාට අවාසි විය හැකි සාක්ෂි වසන් කරමින් පවතින්නේද යන සැකයද මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමට අද (21 වැනිදා) අදාළ ක්‍රීඩකයාගේ මිතුරියව, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පත්කළ කරුණු සොයාබැලීමේ කමිටුව හමුවට කැඳවා ඇත.



Source link