December 5, 2021

Ada Rata

All news in one location

සංචරණ සීමා නොතකා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහලට…


June 4, 2021 at 2:20 am |

සංචරණ සීමා නොතකා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහලට…

පවතින සංචරණ සීමා කාලය තුල ඇතුලු ගෙවී ගිය මාසයක කාලය තුලදී උතුරු පලාතේ නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය ඉහල ගොස් ඇති බවට උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පැනවීම රජයේ මත්පැන්හල් වසා තැබීම ඇතුලු කාරණාවන් හේතුවෙන් උතුරේ බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනයට යොමුවීමත් සමග සමාජ විරෝධී ක්‍රියාවන් ඇතුලු දැඩි අවධානම් තත්වයකට පත්ව ඇති බවටද සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙති.

නීතිවිරෝධී මත්පැන් භාවිතය හා එයට ඇබ්බහි වීම වැනි හේතූන් නිසාවෙන් පවුල් ගැටලු, සමාජ ගැටලු, සොරුන් මංකොල්ල කෑම් වැනි ක්‍රියාවන් දිනෙන් දින වැඩි වී ඇති අතරම පවතින සංචරණ සීමාවන් හේතුවෙන් ඊට පෙර දෛනික ආර්ථිකයක් සොයාගත් බොහෝ පිරිසක් අද වන විට ආර්ථිකය කඩා වැටී දැඩි සේ අසරණ වී ඇති අතරම ඔවුන් සමාජ දුරාචාරයන්ට යොමු වීමේද දැඩි අවධානමක් පවතින බවටද උතුරේ සිවිල් සංවිධාන විසින් වැඩිදුරටත් පෙන්වා දෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

181 views



Source link