November 27, 2021

Ada Rata

All news in one location

සංචරණ සීමා ජුනි 14 වෙනිදාට පසුවත් ? ඇමති කෙහෙළිය ගෙන් ඉඟියක්


දැනට පවතින සංචරණ සීමා ඇතැම් විට ජුනි 14දාට පසු වුවද දීර්ඝ කිරීමට ඉඩකඩ ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටිනවා.

මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියා.

ඉදිරි තිරණ ගැන නිශ්චිතව කිව නොහැකි නමුත් යම් හෙයකින් සංචරණ සීමා දීර්ඝ කලහොත් ඉන් පසු ජනතාවට සිදුවන අපහසුතාවන් වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ නමුත් අද උදෑසන නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බවයි.



Source link