October 28, 2021

Ada Rata

All news in one location

සංචරණ සීමා ඉවත් කළත් රාජ්‍ය සේවකයින්ට දිගටම ඔන්ලයින් ක්‍රමයට වැඩකිරීමේ අවස්ථාව



ජුනි 21 වනදා සිට සංචරණ සීමාවන් ඉවත් කළ ද මෙතෙක් අන්තර්ජාලය ඔස්සේ සේවය කළ රාජ්‍ය සේවකයින්ට දිගටම එම ඔන්ලයින් ක්‍රමයටම රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

“විශෙෂයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් හැරුණුකොට වෙනත් කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර ගමන්කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඒවගේම මහජන රැස්වීම්, පොදු ස්ථානවල හමුවීම්, උත්සව සහ සාද තවදුරටත් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබෙනවා. රාජ්‍ය සේවයේ රාජකාරියෙ යෙදෙන රාජ්‍ය සේවකයින්ට දැනට පවතින ක්‍රමවේදය යටතේ අන්තර්ජාලය මගින් ඔවුන්ගේ සේවය සැලසීමට අවස්ථාව ලබාදීලා තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුව වෙළඳසැල් විවෘත කිරීමට මෙම කාලසීමාවෙදි අවසර ලැබී තිබෙනවා. විශේෂයෙන් එළඹෙන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පැනවීමට කටයුතු සකස් කර තිබෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link