October 18, 2021

Ada Rata

All news in one location

සංචරණ සීමා ඇති අවස්ථා වලදී නිවසින් පිටත්ව යා හැකි ක්‍රමය මෙන්න


එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමණයි.

එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි.

රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව ද මෙම ක්‍රමය භාවිතා කළ හැකියි.

අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකියි.

අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකේ.

රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවේ. (Colombo Times)



Source link