October 28, 2021

Ada Rata

All news in one location

ශ‍්‍රී ලංකාව නරකම අතට.. ඉන්දියාවේ තත්වයටම ගමන් කරමින්..


May 11, 2021 at 3:50 pm |

ශ‍්‍රී ලංකාව නරකම අතට.. ඉන්දියාවේ තත්වයටම ගමන් කරමින්..

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ කුමන ආකාරය සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ ද මේ වන විට රට ඉතාමත් නරක ආකාරයට ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින තත්වය සරලව නොසලක මෙන් නැවතත් රජයට අවධාරණය කර සිටින බවද සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ මහතා පවසයි.

මෙම අවස්ථාව පළමු රැල්ල මෙන් සරල අවස්ථාවක් නොව ඉතා භයානක රැල්ලක් බවත් ඔහු තවදුරටත් පැවසීය.

එළඹෙන දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති බව ද පැවසූ ඔහු මතුවිය හැකි අපහසුතාවයන්ට මුහුණ දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවද කියා සිටියේය.

17,329 views



Source link