November 30, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙල් ගැටලුවක? – හර්ෂගෙන් හෙළිදරව්වක්


තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ A320/321 ගුවන් යානාවල කෙටි දුර ගමන්වලට ප්‍රමාණවත් ඉන්ධන ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත්, එම කෙටිදුර ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගත යුතු වීම ඊට හේතුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

“විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඩා හොඳින් සවන් දිය යුතුයි. ලොකු කතා කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැලසුම් දිගටම අසාර්ථක වී ඇත” යැයි ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link