October 25, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරුන් නිව්යෝර්ක් හිදී මුණ ගැසෙයි!



ජගත් සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගි වී සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා අතර හමුවක් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වා තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය වැනි ස්වාධීන ආයතන බල ගැන්වීම වැනි කරුණු පිළිබඳව දෙරටේ විදේශ අමාත්‍යවරුන් අදහස් හුමවාරු කරගෙන තිබෙනවා.

ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බවයි ජී.ඇල්. පීරිස් මහතා අවධාරණය කර තිබෙන්නේ.

UN




Source link