January 24, 2022

Ada Rata

All news in one location

ශ්‍රී ලංකා – ඇමරිකා සබඳතා පිළිබඳව ආසියා පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ සාකච්ඡා



ශ්‍රී ලංකා-එක්සත් ජනපද සබඳතා සහ ආසියා-පැසිෆික් කලාපයේ දේශපාලන-ආර්ථික වෙනස්වීම් සම්බන්ධ ප්‍රවණතා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඩැනියෙල් කේ. ඉනොයුයේ ආසියා-පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (DKI APCSS) අධ්‍යක්ෂ පීට් ගුමාටඕටා මහතා හමු විය. හවායි හි ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ. ඔස්ටින් III මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය සති අන්තයේ හවායි හි පර්ල් වරායේ දී පැවති, ඉන්දු-පැසිෆික් අණදෙන මූලස්ථානයේ (INDOPACOM) අණදෙන නිලධාරියා ලෙස අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා පත් වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට ගිය අතරතුර තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙලෙස ආසියා-පැසිපික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා හමු වී තිබේ.

එසේම, තානාපති ආර්යසිංහ මැතිතුමා නැගෙනහිර සහ බටහිර සබඳතා පිළිබඳ මධ්‍යස්ථානය (East-West Center) වෙත ගොස්, ශ්‍රී ලාංකික විද්වතුන්ට වැඩි අවස්ථාවන් ලබා දීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව, එහි සභාපති ආචාර්ය රිචඩ් ආර්. වයිල්ස්ටෙක් මහතා සහ ශ්‍රී ලාංකිකයින්ට පිරිනමන වැඩසටහන් හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩලය ද හමුවිය.

එතුමා ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු හවායි හි ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් ද හමුවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂින්ටන්
2021 මැයි 08 වැනි දින




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq