November 29, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාව රටක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සැලසුම්


දිවයිනට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වාගැනීම සදහා අන්තර් අමාත්‍යාංශය ඒකාබද්ධ කරමින් වැඩපිළිවෙලක් සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංචාරක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, වනජීවී අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යාංශය, පුරාවිද්‍යා හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති යටතේ ඇති ආයතන ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත සහිත රටක් ලෙස විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම වැඩසටහනේ අරමුණ බවයි.

වෙළඳ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විදේශ රටවල දූත මණ්ඩල සාමාජිකයන් හා වාණිජ දෙපාර්තමේන්තු ද නියෝජිතයන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගියදා (26) පැවති සාකච්ඡාව මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හෝ වෙනත් සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙන් වෙන් වශයෙන් ප්‍රවර්ධනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාව රටක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමගින් සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ශනය කර ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link