December 4, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාව තරගයක් දී පරදීයි




– 5 06 2021
– 17:03
– {{hitsCtrl.values.hits}} views

– ඕෂිත වරකාපිටිය




එළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2 ක පරාජයක් හිමිවිය. තරගාවලියේ ආසියානු කලාපයේ එච් කාණ්ඩයේ (දෙවැනි වටයේ) තරගයක් ලෙසින් මෙය අද (05දා) දකුණු කොරියාවේදී  පැවැත්විණි.

තරගයේ පළමු අර්ධයේදීම දක්ෂ ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩක වසීම් රාසික් පළමු ගෝලය කණ්ඩායමට වාර්තා කර දුන්නේය. ඒ 08 වැනි මිනිත්තුව ගතවීමටත් පෙරයි. කෙසේ වෙතත් අනතුරුව ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ ලෙබනන් ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා වද්දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කලේ 11,17 හා 44 වැනි මිනිත්තු වලදීය.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී 62 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ලැබුනු දඩුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට වසීම් රාසික් සමත්විය. අනතුරුව තවත් ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි උත්සාහයක යෙදුනත් එය ව්‍යාර්ථ විය. කෙසේ වෙතත් මෙවර තරගාවලිය තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගිවූ 7 වැනි තරගය මෙය වූ අතර ඒහිදී ඔවුන් ගෝල වාර්තා කළ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. මීට පෙර මෙම තරගාවලියේම දෙරට අතර ශ්‍රී ලංකාවේදී පැවති තරග අදියරේදී ශ්‍රී ලංකාව ලෙබනනය හමුවේ ගෝල 3-0ක් ලෙසින් පරාජයට පත් විය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය එළඹෙන 09 වැනිදා දකුණු කොරියාව සමගින් පැවැත්වේ.





Source link