October 25, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යාම අත්හිටුවයි


ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යාම අද අළුයම සිට අත්හිටුවා තිබෙනවා.

එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහනමක් පණවා තිබීම ඊට හේතුව බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිවනවා.

මෙලෙස ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට තවදුරටත් අවස්ථාව පවතින බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පැවසුවා. (Colombo Times)



Source link