October 26, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානයට


කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගතහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක් වෙමින්ය.

ඔහු එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම් වැඩි වී ඇති බවයි. ඉන්දියාවේ කොරෝනාවෛරසය ව්‍යාප්තිය පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ලෙස ඔහු හැඳින්වීය. එම රටවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අධික ලෙස වැඩි වීමක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේ.

කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක ම විසඳුම වන්නේ එන්නත්කරණය සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ඔහු අවධාරණය කළේ.

මේ අතර එන්නත් ලබා ගැනීමේදී ඇතැම් රටවල් දුෂ්කරතාවට පත්ව ඇති හෙයින් දරුවන් එන්නත් කිරීම පසෙකලා දියුණු රටවල් නොදියුණු රටවලට එන්නත් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා කර සිටියේ.



Source link