November 27, 2021

Ada Rata

All news in one location

ශ්‍රී ලංකාවට විදේශ ණය පියවීමේ හැකියාවක් නෑ



ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත විදේශ සංචිත අර්බුදයකට මුහුණ දී සිටින බවත්, 2023 වසර වනවිට එම අර්බුදය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ජාත්‍යන්තර Fitch Ratings ආයතනය පවසනවා. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව සිය විදෙස් ණය ගෙවීම පැහැර හැරීමේ සැබෑ හැකියාවක් පවතින බවයි එම ආයතනය අනතුරු අඟවමින් කියා සිටින්නේ.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා නිකුත් කර ඇති What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21 නමැති වාර්තාවෙන් මේ බව පැහැදිලි කරයි.

2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මුල්‍ය කටයුතු බිඳවැටෙන සුළු මට්ටමක පැවති බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම CCC කාණ්ඩය දක්වා පහත හෙළීමට සිදු වූ බවත් Fitch Ratings පවසනවා. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම තහවුරු වී ඇති බවයි අදාල වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ.

2022 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක සහ ජුලි මාසයේදී ඇමරිකානු ‍ඩොලර් බිලියන 01 ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීමට තිබෙන බවත් ඒ අනුව 2023 වසර වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ඩොලර් බිලියන 2.5 ක් දක්වා පහත වැටෙනු ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් පවසනවා.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙත යාම ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හමුවේ අනාගතයේදී බරපතල අනතුරකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවද Fitch Ratings සඳහන් කරයි.

UN




Source link