January 20, 2022

Ada Rata

All news in one location

වෛද්‍ය මාරු ගැටලුව ගැන ගත් තීරණය


වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩල ගැටලුවට සියලු පාර්ශ්වවල එකඟතාවෙන් විසඳුමකට එළැඹෙන ලෙස අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (04) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්.

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය මෙතෙක් පැවැති ආකාරයට පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම හමුවේ දී ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා එකඟවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

කෙසේ වුවද පැරණි ක්‍රමය පවත්වා ගෙන යාමට නොව යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් මෙම ගැටලුව දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් විසඳා ගන්නැයි මෙහිදී අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

මෙහිදී වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර මින් ඉදිරියට එක ම නියැදියක තබා කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉල්ලා තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq