November 29, 2021

Ada Rata

All news in one location

වෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩුකර දෙන්නැයි GMOA පාදෙනිය අගමැති මහින්දගෙන් ඉල්ලයි !



වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගේ ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය අඩුකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

ඒ අනුව දැනට අය කෙරෙන 24%ක ප්‍රතිශතය 12%ක් දක්වා අඩුකරන ලෙසයි ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී වෛද්‍යවරුන් ඇතුළු ඉහළ වෘත්තිකයින්ගෙන් අය කළේ 12%ක බදු ප්‍රතිශතයක් බව පවසා ඇති පාදෙනිය මහතා එය 24%ක් දක්වා ඉහළ දැමුවේ යහපාලන රජය විසින් හෙයින් එය නැවතත් පෙර තත්වයටම ගෙන එන ලෙස ඉල්ලා ඇති බව සඳහන්. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණේ ඊයේ (25) අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. 

RN




Source link