October 19, 2021

Ada Rata

All news in one location

වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..


May 16, 2021 at 3:22 am |

වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්

පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනය ක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් ලෙස අදහස් කරන්නේ එකම නිවසේ වෙසෙන පිරිසක් මිස ඥාතීන් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව පොදු වාහනවල ගමන් කරන අවස්ථාවලදී මෙන්ම මහජනයා ගැවසෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රසිද්ධ එළිමහනේ සිටින සෑම විටම මුව ආවරණයක් පැළඳිය යුතු බවද ඔහු පැවසීය.

වෙසක් පොහොය වන තෙක් සංචාරණ සීමා දීර්ඝ වෙද්ද නැද්ද යන්න තීරණය වන්නේ මේ මොහොතේ ජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු තව දුරටත් පැවසීය.

1,343 views



Source link