October 17, 2021

Ada Rata

All news in one location

වෙන්නෙ මොනවද කියලා අපිත් දන්නෙ නෑ, සමහර පළාත්වලට එන්නත් යනවා වැඩියි !



කොවිඩ් පාලනය සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී ඇතැම් සිදුවීම් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව තමාටද ගැටලු සහගත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. එකඟ විය නොහැකි දේවල්ද සිදුවන බවත්, ඇතැම් දේ පාලනය කිරීමට ඇමතිවරුන්ටද නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයසුමන මහතා මේ බව සඳහන් කළේය.

ඇතැම් ප්‍රදේශවලට එන්නත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබාදෙන බවත් එසේ ලබා දෙන්නේ කුමන හේතුවක් මතද, එම එන්නත්වලට සිදු වන්නේ කුමක්ද යන කරුණු පිළිබඳ තමාද දැනුවත්ව නොමැති බවයි චන්න ජයසුමන මහතා පවසන්නේ.

රෝහලක වුවද විශාල කාර්යමණ්ඩලයක් සේවය කරන විට විවිධ ගැටලු ඇතිවන බවත් ඇතැම් කාරණාවලදී ඒ ඒ නිළධාරීන්ට විවිධ අදහස් තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ ඒ සියලු ගැටලු විසඳා ගනිමින් ඉදිරියට යා යුතු බවයි. කොවිඩ් මර්දනයේදීද මතුවන ගැටලු අවම කර ගනිමින් ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ඉදිරියට යාම ආණ්ඩුවේ අරමුණ බවද ඔහු පවසනවා.

UN




Source link