October 17, 2021

Ada Rata

All news in one location

වෙඩිවැදී මරණාසන්න ඇතෙකුගේ දිවි බේරාගන්න දැඩි වෙහෙසක්.. සංඝරත්නයෙන් සෙත්පිරිත්ද කියයි…


May 15, 2021 at 8:40 am |

වෙඩිවැදී මරණාසන්න ඇතෙකුගේ දිවි බේරාගන්න දැඩි වෙහෙසක්.. සංඝරත්නයෙන් සෙත්පිරිත්ද කියයි…

වව්නියාව කනගරායන්කුලම් පුදූර් රක්ෂිතයේ කැලෑවක තුවාල ලබා ඇති දළ ඇතෙකුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

මෙම දළ ඇතාගේ පසුපස පාදය දැඩි ලෙසින් තුවාල වීම හේතුවෙන් ඇතාට ඇවිදීමට නොහැකිව වතුර වලක වැටී සිටින අතර එලෙස තුවාල වීඹට හේතුව වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටියි.

දින දෙකක පමණ කාලයක් දළ ඇතාට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී ගිරිධරන් මහතා ඇතුලු වව්නියාව වනජීවි නිලධාරීන් විසින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ කටයතු සිදු කිරීමට පියවර ගන්නා ලදි.

මේ අතර දළ ඇතාගේ පාදය ඉක්මනින් සුව වී ජීවිතයට හානියක් නොවී ඇවිදීමට ශක්තිය ලැබීම සඳහා වව්නියාව මඩුකන්ද ශ්‍රීදලදා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුවඇටගම ආනන්ද හිමියන් සහ පූජ්‍ය ළිඳවැවේ අමරජෝති හිමියන් විසින් දළ ඇතා වැටී සිටින ස්ථානයට ගොස් පිරිත් සජ්ජායනයක්ද සිදුකරන ලදි.

ඊට අමතරව දළ ඇතාට ආහාරපානාදිය මෙන්ම දළ ඇතාගේ ආරක්ෂාව සඳහා කනගරායන්කුලම් යුද හමුදා නිලධාරීන්ද සහය ලබා දෙනු ලබයි.

අඩි දෙකක පමණ දිගින් යුතු දළ සහිත මෙම දළ ඇතාට අවුරුදු 12 ක් පමණ වන අතර උසින් අඩි 7 කට ආසන්න වෙයි.

දළ ඇතා මෙම ස්ථානයේ වැටී ඇතිබවට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් දැක ඒ බව වනසංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව වව්නියාව වන ජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,234 views



Source link