October 18, 2021

Ada Rata

All news in one location

වෙඩින් ෆොටෝ එක ප්ලේන් එකේ ගන්න රත්මලාන ගුවන්තොටුපලට එන්න


දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ රත්මලාන ගුවන්තොටුපළ විවේක පියාසර මධ්‍යස්ථානයක් ලෙස උසස් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව රත්මලාන ගුවන්තොටුපළ විවේක කාලයන්හි පියාසර කිරීම, මංගල ඡායාරූපකරණය, නාට්‍ය හා සිනමාකරණය සඳහා ප්‍රවර්ධනය කෙරේ.

සංචාරක ආකර්ෂණය සඳහා නව දේශීය ගුවන් මාර්ග සහ ගුවන් ගමනාන්ත හඳුනා ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

“ඊට අමතරව, ජාත්‍යන්තර වාණිජ හා ආයතනික ගුවන් ගමන් සඳහා ප්‍රවර්ධනයන් මෙන්ම රත්මලාන ගුවන් තොටුපලේ පෞද්ගලික ජෙට් මෙහෙයුම් ද දියත් කිරීමට බලාපොරොත්තු වේ.





Source link