October 17, 2021

Ada Rata

All news in one location

“වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක්ට පමණක් අරගලය භාරදෙන්න එපා, සක්‍රීයව දායක වෙන්න” – මහින්ද ජයසිංහ


සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා සක්‍රීය දායකත්වය සපයමින් පෙරට එන ලෙස ලංකා ගුරුසේවා සංගමය විසින් ගුරු විදුහල්පති සේවයේ යෙදෙන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක්ට පමණක් අරගලයේ පෙරමුණ ලබා නොදී සියලුදෙනා එකමුතුව පෙරට පැමිණ ජනතාව දැනුවත් කළ යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා. (colombotimes.lk)

Viber



Source link