October 28, 2021

Ada Rata

All news in one location

විශ්‍රාමිකයන්ගේ අග්‍රහාර රක්ෂණයත් කප්පාදු වෙයි



විශ්‍රාමිකයන් සඳහා හිමිවන අග්‍රහාර රක්ෂණ ක්‍රමය කප්පාදු කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නව සංශෝධනවලට අනුව ස්වභාවික හෝ හදිසි අනතුරු මරණ සඳහා මෙතෙක් ගෙවූ රක්ෂණාවරණ ඉවත් කර තිබෙනවා.

මීට පෙර පැවති ක්‍රමවේදය අනුව ස්වභාවික මරණයකදී රුපියල් 150,000 ක රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණයකදී රුපියල් 600,000 ක රක්ෂණාවරණයක් හිමි විය.

මීට අමතරව පෞද්ගලික ආයුර්වේද රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙතෙක් හිමි වූ රුපියල් 120,000 ක රක්ෂණාවරණය 75,000 දක්වා අඩුකර තිබෙනවා.

මීට පෙර ක්‍රියාත්මක නොවූ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 25000 ක්ද, මොළයේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000 ක්ද අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000 ක්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු සඳහා රුපියල් 75,000 කද රක්ෂණාවරණයක් විශ්‍රාමිකයන්ට ලබා දීමට යෝජනා කර ඇත.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා මෙතෙක් හිමි වූ රුපියල් 200,000 රක්ෂණාවරණය රුපියල් 500,000 දක්වා වැඩි කර තිබෙන වාර්ෂික ප්‍රතිලාභ වටිනාකම රුපියල් 150,000 ක් වන අතර එක් සිද්ධියකදී හිමිවන උපරිම ප්‍රතිලාභ වටිනාකම රුපියල් 120,000 කි.

රක්ෂණාවරණය සඳහා අය කරන ගාස්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයෙකුගෙන් අයකළ රුපියල් 200 ක මුදල 400 දක්වා වැඩිකර තිබේ. කෙසේ නමුත් වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයන්ගෙන් මෙතෙක් අයකළ රුපියල් 600 ක මුදල සංශෝධනය කරන නොමැත.

UN




Source link