December 4, 2021

Ada Rata

All news in one location

විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි


විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සියලු විශ්ව විද්‍යාල වෙත ඊයේ (19) දිනයේ නිකුත් කළ බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය, නේවාසිකාගාර පවත්වාගෙන යන ආකාරය, විභාග, සම්මන්ත්‍රණ සහ ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

දිවයිනේ සියලු විශ්ව විද්‍යාල අප්‍රේල් 27වන දින සිට විවෘත කිරීමට නියමිත අතර විශ්ව විද්‍යාල පරිශ්‍ර විෂබීජහරණය කොට අධ්‍යයන කටයුතු පවත්වා ගෙනයන ආකාරය සම්බන්ධයෙන් සියලු විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර ඇති බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. (Colombo Times)



Source link