November 29, 2021

Ada Rata

All news in one location

විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ සතියේ දී


මේ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති විශ්ව විද්‍යාල යලි විවෘත කරන ලෙස සියලුම විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් වශයෙන් ශිෂ්‍යයන්ගෙන් ගෙන්වා පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළා.



Source link