December 4, 2021

Ada Rata

All news in one location

විවාහ උත්සව සඳහා 150 කට අවසර



කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා කිහිපයක් ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයේ මෙම තොරතුරු ඇතුළත් වේ.

විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැකි අමුත්තන් ප්‍රමාණය ඉහළ දමා තිබේ. ඒ අනුව උත්සව ශාලා තුළ පැවැත්වෙන මංගල උත්සව සඳහා 100 දෙනෙකුට සහභාගි විය හැකි අතර එළිමහනේ පැවැත්වෙන්නේ නම් 150 දෙනෙකු සහභාගි කරවා ගත හැකිය. විවාහ උත්සවවල මත්පැන් භාවිතය තවදුරටත් තහනම් වේ.

ආපන ශාලා තුළ එකවර උපරිම පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100 ක් දක්වා වැඩි කර ඇත.

කාර්යාලවල රැස්වීම් සඳහා රැස්වීම පැවැත්වෙන ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3 කට ප්‍රමාණවත් වන පරිදි සහභාගි විය හැකිය. උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 150 කි.

මේ අතර රාත්‍රී 11 සිට අළුයම 04 දක්වා ක්‍රියාත්මක වූ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා.

UN




Source link