January 19, 2022

Ada Rata

All news in one location

වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක්


ඉදිරි දින කිහිපයේදී පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. (colombotimes.lk)

Viber



Source link