December 4, 2021

Ada Rata

All news in one location

විමල් – බැසිල් එක්වෙති


පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය පළ වී තිබේ.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම එකඟතාවය පළ කර ඇත.

මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ අතර සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා එය ස්ථිර කළේය.

මෙම රැස්වීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබිණි.

මේ සමග ආණ්ඩුව ඇතුලේ පවතී විමල් – බැසිල් ගැටුම ද අවසන් වූ බවට ආණ්ඩුවේ පාර්ශව හෙළිකළේය.

The post විමල් – බැසිල් එක්වෙති appeared first on | Sri Lanka Hot News.



Source link