January 24, 2022

Ada Rata

All news in one location

විමල්ගෙන් පොස්පෙට් ගැලෙව්වා වගේ චමල්ගෙන් වාරිමාර්ගෙත් ගලවන්න


වත්මන් ආණ්ඩු බලය හොබවන සංධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද ඇමතිවරයාගේ අදහසයි.

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවත් ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

The post විමල්ගෙන් පොස්පෙට් ගැලෙව්වා වගේ චමල්ගෙන් වාරිමාර්ගෙත් ගලවන්න appeared first on Mawurata.lk.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq