October 25, 2021

Ada Rata

All news in one location

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්


පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලීසිය අපකීර්තියට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

දිගින් දිගටම අතළොස්සක් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් පොලීස් සේවයේ ප්‍රතිරූපයට හානි සිදුව ඇති බවත් එය සමස්ත පොලිස් සේවයම අනුමත නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබෙනවා.

එවැනි විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන නිධාරීන්ට පමණක් නොව, එවැනි නිලධාරීන් අධීක්ෂණය කරනු ලබන නිලධාරීන්ට එරෙහිව ද විශේෂ විමර්ශනයක් පවත්වා විනයානූකූල පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා. (colombotimes.lk)



Source link