October 25, 2021

Ada Rata

All news in one location

විනය කැඩූ ක්‍රීඩකයින් ගැන මෙතෙක් විමර්ශන ආරම්භ කර නැහැ – ක්‍රීඩා ඇමති කියයි


විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

“ඊයේ දිනයේ ඒ ක්‍රීඩකයින් එළියට ආවේ තවම නිරෝධායනය වෙනවා. ඒ ක්‍රීඩකයින්ටත් සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ ඒ අවශ්‍ය තීන්දුව ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රිකට් කමිටුව විසින් ප්‍රකාශයට පත්කරයි.“

එමෙන්ම දෙවැනි පෙළ ක්‍රීඩකයන් ගොඩනැගීම සඳහා සැලැස්මක් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

“පසුගිය අවුරුදු 5 – 6ක සිට පසුපෙළ ක්‍රීඩකයින් ව නිර්මාණය කරේ නෑ අපේ රටේ. නැවත වතාවක් අපි අදාළ සංචාර ටික පටන් ගන්නවා. ඩිවලප්මන්ට් සංචාර ටික පටන් ගන්නවා. 19 පහළ සංචිතය දීර්ඝ කාලීන සැලැස්මකට ගෙනියනවා. 17 පහළ අය තමයි ඒකට ගන්න ඕනේ. මොකද අවුරුදු 2කට සැරයක් තමයි ලෝක කුසලානය එන්නේ. මේ ක්‍රමවේදය කඩා වැටුන නිසා තමයි අපිට මේ තත්ත්වය උදාවුණේ.“

 



Source link