October 19, 2021

Ada Rata

All news in one location

විදෙස්ගතව සිටින සැකකරුවන් 24 දෙනෙකුට රතු වරෙන්තු



විදෙස්ගතව සිටින පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම 24 දෙනා අතර ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 13 දෙනෙකුද සිටින බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.

දැනටමත් සැකකරුවන් දෙදෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සමත් වී ඇති බවත්, ඉතිරි සැකකරුවන්ද කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.

UN




Source link