January 19, 2022

Ada Rata

All news in one location

විදුලි මිල ගැන සහතිකයක් – Colombo Times


ඉන්ධන මිල ඉහළයාමත් සමඟ විදුලි මිල ඉහළ නොයන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා.

අද (30) රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් කැස්බෑව නගරයේ වෙළෙඳ සැලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

එමෙන්ම විපක්ෂය ලෝකයේ තිබෙන ආර්ථික අර්බුදය මගින් ජයගැනීමට සැරසෙන බවද ඔහු සඳහන් කළා.

විදුලි බල මණ්ඩලයද ගල් අගුරු මිලදී ගැනීම්, තෙල් මිලදී ගැනීම්, කන්ටේනර් ගාස්තු ගෙවීම් වැනි අර්බුද රැසකට මුහුණ දී සිටින බවද ඔහු සඳහන් කළා.

තාප බලාගාර වලට අවශ්‍ය තෙල් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එය සම්පුර්ණ කළ බවද එතුමා පැවසුවා.

ආපදාවලදී පමණක් විනාඩි 15-20කට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට විදුලි කප්පාදු කිරීම් අවසන් බවද එතුමා පැවසුවා.

එමෙන්ම ලබන 10වන දින ගල් අඟුරු බලාගාරයේ මෙගා වොට් 300ක ෆ්ලාන්ට් තුනක් ප්‍රතිසංස්කරණය කිරීමට ඉතිරිව ඇති බවද ඔහු පැවසුවා. (colombotimes.lk)

Viber



Source link