December 4, 2021

Ada Rata

All news in one location

විදුලි කාන්දුවක් හේතුවෙන් ඉන්දියාවේ ළමා රෝහලක් ගිනි ගනී



ඉන්දියාවේ ළමා රෝහලක ඇති වූ ගින්නකින් කුඩා බිළිඳුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ ළමා රෝහලක මෙම හදිසි අනතුර සිදුව තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි ඉන්දීය බළධාරීන් පවසන්නේ. ගිනි නිවීමේ අංශයේ මැදිහත්වීම මත රෝහලේ සිටි බිළඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.

මියගිය බිළිඳුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි ලබාදීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන ඇමතිවරයා තීරණය කර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසද ප්‍රධාන ඇමතිවරයා නියෝග කර තිබේ.

නිසි ප්‍රමිතියට ඉදිකිරීම් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් ඉන්දියානු රෝහල්වලින් බහුලව වාර්තා වේ. පසුගිය ඉරිදා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක්ද ගිනිගැනීමට ලක් වූ අතර පුද්ගලයන් 11 දෙනෙකු ගින්නට හසුවීමෙන් මියගොස් තිබිණි.

UN




Source link