October 25, 2021

Ada Rata

All news in one location

විද්‍යුත් ටිකට් ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් දුම්රිය වැඩවර්ජනයක්



අද (30) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන්, නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34ක් එක් දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. 

දුම්රිය ටිකට් පත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදෙස් සමාගමකට ලබාදීමේ උත්සාහයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි එම සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ. 

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

RN




Source link