November 29, 2021

Ada Rata

All news in one location

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි


නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර මධ්‍යම කඳුකර ප්‍රදේශයේ, විශේෂයෙන් උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ සඳහන්.

උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)

Viber



Source link