January 20, 2022

Ada Rata

All news in one location

වැලේ රෙදි වනනකොට O.I.C මහත්තයා කාමරේට එන්න කතා කලා


ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා හෙට (28 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අතවරයට ලක්වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරිය තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ ප්‍රකාශ කර කළා,

මං රාජකාරි ඉවර කරලා භට නිවාසේ ළඟ වැලේ රෙදි වන වන ඉන්න කොට ඕඅයිසී මහත්තයා එයාගේ නිල නිවාසය ළඟ ඉඳගෙන කතා කළා.

මං හිතුවා රාජකාරි කටයුත්තකට කියලා. ඕඅයිසී මහත්තයා මට කාමරේ ඇතුළට එන්න කියලා ලිංගික හිරිහැර කරන්න පටන් ගත්තා. මං එපා කියලා කෑ ගැහුවා. ඕඅයිසී මහත්තයගෙන් බේරිලා යන්න හැදුවා. ටික වෙලාවකට පස්සේ මං කාමරෙන් පැන ගත්තා. මම මේ වන විට ලිංගික හිරිහැර ගැන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට පැමිණිලි කළා.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම පොලිස් කොස්තාපල්වරිය ඇගේ මුල්ම පත්වීම ලෙස ගන්දර පොලිසිය වෙත පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරයි 25 දා උදෑසන මෙම නිලධාරිනිය සිය රාජකාරි නිමකර ඇය නවාතැන් ගෙන සිටින පොලිස් භට නිවාසය වෙත ගොස් ඇඳුම් කීපයක් අව්වට දැමීමට පැමිණ ඇති බවත් සඳහන්. මෙම නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවාසයට යාබදව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස පිහිටා ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිල නිවසේ සිට ආධුනික පොලිස් කොස්තාපල්වරියට කතා කර තිබෙනවා.

එහිදී එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස අසලට ගොස් ඇති අතර එකවරම ස්ථානාධිපතිවරයා ඇය සිය ග්‍රහණයට ගෙන තිබෙනවා. එහිදී ස්ථානාධිපතිවරයා ආධුනික නිලධාරිනිය සිප වැළඳ ගනිමින් ස්පර්ශ කරමින් ඇයට විවිධ ලිංගික හිරිහැර සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq