November 30, 2021

Ada Rata

All news in one location

වැලි කැනීම් සීග්‍රෙයන් වැඩි වෙයි ගෙවුනු මාස 3ට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට…


April 19, 2021 at 5:30 pm |

වැලි කැනීම් සීග්‍රෙයන් වැඩි වෙයි ගෙවුනු මාස 3ට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට…

නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සහ ප්‍රවාහනයන් උතුරු පලාතේ සීග්‍රෙයන් වැඩිවී ඇති බවටත් 2021 වසරේ ගෙවී ගිය මාස 3ට පමණක් සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි මෙලෙස වැලි ගොඩදැමීම් සහ රහසිගත වැලි ප්‍රවාහනයන් සිදුවන අතර වැඩි වශයෙන්ම නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සිදුවන්නේ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ බවට වාර්ථා වෙයි.

එමෙන්ම නීතිවිරෝධි වැලි කැනීම් හේතුවෙන් ස්වාභාවික ඇලවේලි සහ ඔයවල් ප්‍රමාණයෙන් විශාල වී ජලය අපතේ යෑම, ස්වාභාවික පරිසරයන් විනාශ වීම, ගොවිතැන් කටයුතු වලට දැඩි බාධාවල් එල්ල වීම වැනි ගැටලු වලට ප්‍රදේශයන්හි ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති බවටයි.

මේ වන විටත් අදාල ප්‍රදේශයන්හි නීතිවිරෝධී වැලි කැනීම් නිරීක්ෂණය කිරීම සහ ජාවාරම් කරුවන් කොටකර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුලුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති අතර තරාතිරම නොබලා ජාවාරම් කරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views



Source link