November 29, 2021

Ada Rata

All news in one location

වැඩ වර්ජනය නිසා වතුකරයේ රෝගීන් රැසක් පීඩාවට


සෞඛ්‍ය වෘත්තීය සේවක සංගම් 16ක සේවක සේවිකාවන් අද (09) ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට හා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සායන කටයුතු වලට සහ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර තිබෙනවා.

නමුත් රෝගීන් වෙත ලබා දිය යුතු ඖෂධ වට්ටෝරුව හෙට (10) දින රෝහලට පැමිණ ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදෙමින් රෝගීන් නිවාස කරා ආපසු යවා ඇති බව වාර්තා වනවා.

දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට පැමිණි රෝගීන් විශාල පිරිසක් වතු ආශ්‍රිත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් වනවා. (colombotimes.lk)

Viber



Source link