December 4, 2021

Ada Rata

All news in one location

වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීමට හේතුව


රට තුල පවතින සිමෙන්ති හිගයත් සමග වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල සිමෙන්ති විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරිමට සිමෙන්ති අලෙවි නියෝජිතයන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි කරන වෙළඳුන් පියවර ගෙන තිබෙනවා.

රු 1200 සිට 1500දක්වා විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති මිටියක් අලෙවි කරන අතර සිමෙන්ති මිල ඉහල යාම හමුවේ සිමෙන්ති ගල් නිෂ්පාදකයන් මෙන්ම සිමෙන්ති ආශ්‍රිත නිපැයුම්කරුවන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙන බවද වාර්තා වනවා.

සිමෙන්ති මිල ඉහල යාම හමුවේ ඉදි කිරිම් කර්මාන්තයේ යෙදි සිටින පිරිස්ද ගැටළු රැසකට මැදි වි සිටිනවා.

රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් කියා සිටින්නේ තමන් සිමෙන්ති මිල එවකට පැවති මිල අනුව ඇස්තුමේන්තු සකස් කර රජයේ කොන්ත්‍රාත් ලබාගත් බවත් වර්තමානයේ සිමෙන්ති මිල අධික ලෙස ඉහල යාම හමුවේ තමන්ට විශාල පාඩුවක් දැරිමට සිදු වි ඇති බවත්ය.

සිමෙන්ති මිල ඉහල යාම සම්බන්ධයෙන් අප සිමෙන්ති අලෙවි නියොජිතයන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ තම ඉල්ලුමට සරිලන සිමෙන්ති සැපයුමක් සිමෙන්ති නිෂ්පාදන සමාගම් විසින් ලබානොදෙන බවයි.

එම සමාගම් විසින් ලබාදෙන සීමිත සිමෙන්ති මිටි ප්‍රමාණය ප්‍රවාහන ගාස්තු සසදා අලෙවි කිරිමේදි සිමෙන්ති මිටියේ සදහන් කර ඇති මිලට වඩා වැඩි මුදලක් වැය වන නිසා සිමෙන්ති මිල ඉහල ගොස් ඇති බවයි. (colombotimes.lk)

Viber



Source link