November 29, 2021

Ada Rata

All news in one location

වැටුප් විෂමතා විසඳන්නැයි ඉල්ලා ගුරුවරු අදත් උද්ගෝෂණයක ! (ඡායාරූප)



ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන් වැඩවර්ජනය අත්හිටුවා අද යළිත් පාසල්වල සේවයට වාර්තා කර තිබිණි. වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද පස්වරුවේද කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. මේ සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් එක්ව සිටියේය.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN




Source link