November 27, 2021

Ada Rata

All news in one location

වසර 27 කට පසු මහ බැංකුවේ ආදායම පහතට, විදෙස් වත්කම් සෘණ වෙයි!



2021 අගෝස්තු මස ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදෙස් වත්කම් වාර්ෂික ආදායම සහ ලාභය පහත වට්ටමින් රුපියල් බිලියන 84 ලෙස සටහන් ව ඇත. එය මහ බැංකුව වසර 27 කට පසු වාර්තා කරන පළමු සෘණ අගයයි.

අවසාන වරට මෙම තත්ත්වය දක්නට ලැබී තිබුණේ 1995 වර්ෂයේදී ය.

රටක මූල්‍ය අධිකාරියේ ශුද්ධ විදෙස් වත්කම් හෙවත් Net Foreign Assets (NFA) යනු දළ විදෙස් සංචිත වත්කම් සහ විදෙස් සංචිතවලට අදාළ බැරකම් අතර වෙනසයි. සාමාන්‍යයෙන් එවන් බැරකම් වලට මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දරන බැරකම්, හුවමාරූවීම් (swaps) සහ සංචිත හා සම්බන්ධ වෙනත් බැරකම් අදාළ වේ.

මහ බැංකුවේ විදෙස් සංචිත එම ආයතනයේ වාර්ෂික ආදායම ජනිත වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන අතර, මහ බැංකුව ලාභ ලබන ආයතනයක් නොවන බැවින් එම ආදායම මූල්‍ය කාර්යභාරයට දායක වේ.

මෑත වසරවල මහ බැංකුව ලැබූ ලාභ වලින් කොටසක් රජයට බදු නොවන ආදායම් මාර්ගයක් ලෙස භාණ්ඩාගාරය වෙත යොමුවීම සිදුවූ අතර, මහ බැංකුවේ විදෙස් වත්කම්වල විනිමය නැවත තක්සේරු කිරීමේ වාසිය එම ආයතනයේ වාර්ෂික ලාභයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වේ.

රුපියල අවප්‍රමාණය වන සෑම අවස්ථාවකම, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන ලද විදෙස් වත්කම් නැවත තක්සේරු කිරීම මහ බැංකුවේ ආදායම් ප්‍රකාශනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. කෙසේවෙතත්, වසර 27 කට පසුව මෙසේ විදෙස් වත්කම් පහත වැටී නිසා, එය මහ බැංකුවේ ආදායම් ප්‍රකාශනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගේ මතයයි.

සංඛ්‍යා ලේඛන අනුව, ඉකුත් ජූලි මස මහ බැංකුවේ ශුද්ධ විදෙස් වත්කම් ඩොලර් මිලියන 51 ක් දක්වා පහත වැටීමත්, සංචිත සම්බන්ධ සහ වෙනත් බැරකම් එම ආයතනයේ දළ විදෙස් සංචිතවලට පැමිණීමත් නිසා මහ බැංකු ඩොලර් සම්බන්ධ ලේඛනය තුළ අර්ධ මූල්‍ය පාඩු වාර්තා වීමට නියමිත ය.

මීට ඉහත දී මුදල් මුද්‍රණය කිරීම මත උද්ධමනය ඉහළ යාම හමුවේ මහ බැංකුව උපකල්පිත ලාභ පවත්වා ගැනීමට සමත්ව තිබිණි. කෙසේවෙතත්, මෙසේ අර්ධ මූල්‍ය පාඩු වාර්තා වීම මතුව ඇති විදෙස් වත්කම් පහත වැටීම හමුවේ උත්සන්න වනු ඇති බවට ප්‍රවීණයෝ අනතුරු අඟවති.

මීට අමතරව, දේශීය නෝට්ටු නිකුතුව සඳහා වන සංචිත බැංකුකරණය ද ජූලි මස වන විට සියයට 0.97 දක්වා අඩු වී ඇතී බවට වාර්තා වේ.

නවීන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory) ද්‍රවශීලතා ජනිත කිරීම මධ්‍යයේ මහ බැංකුවේ ශුද්ධ විදෙස් වත්කම්, වසරකට ඉහත පැවති ඩොලර් බිලියන 4.2 ක ප්‍රමාණයේ සිට 2021 ජූලි මස වන විට රුපියල් බිලියන 10.3 ක (ඩොලර් මිලියන 51 ක් පමණ) ප්‍රමාණයක් දක්වා පහත වැටුණි.

මහ බැංකුවේ දළ විදෙස් සංචිතය ජූනි මස ඩොලර් මිලියන 4,060 සිට ජූලි මස ඩොලර් මිලියන 2,833.5 දක්වා පහත වැටී ඇත. එහෙත්, අදාළ සංචිත වලින් ඩොලර් බිලියන 1.3 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු අතර, ඩොලර් මිලියන 580 ක් පමණ හුවමාරුවට ලක්විය යුතුය. සාමාන්‍යයෙන් ආසියානු නිෂ්කාශන සංගමයේ (Asian Clearing Union) සාමාජිකත්වය දරන රටවලට මේ සඳහා වගකීමක් ඇත.

මේ වන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.2 ක මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරය තුළ දරන අතර, එය මහ බැංකුවට ලාභ ජනිත කරන බව කියවේ.




Source link