October 20, 2021

Ada Rata

All news in one location

වසර 18 කට පසුව පකිස්තානයට පැමිණි කිවියන්ට හිස් අතින්ම ආපසු යන්න වෙයි



නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරය තුළ පළමු එක්දින තරගය අද (17) ආරම්භවීමට නියමිතව තිබිණි. ඒ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීය. නවසීලන්ත ජාතික කණ්ඩාය‍ම පකිස්තානය වෙත පැමිණියේ වසර 18 කට පසුව වීම විශේෂත්වයකි.

තරගය ආරම්භවීමට පැය බාගයක් තිබියදී පකිස්තානු සංචාරය අත්හිටුවීමට නවසීලන්ත ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉතා කඩිනමින් පකිස්තානයෙන් පිටවීමට නවසීලන්ත ක්‍රීඩකයන් සූදානම් වන බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ජීවිතවල තර්ජනයක් තිබෙන බවට ආරක්ෂක උපදේශකයන් නවසීලන්ත ක්‍රිකට් බළධාරීන්ට දන්වා ඇති අතර ඔවුන් උපදෙස් ලබා දී තිබෙන්නේ ක්‍රීඩකයන් ඉවත් කර ගැනීම වඩාත් සුදුසු බවයි. මේ පිළිබඳව නවසීලන්ත ක්‍රිකට් බළධාරීන් විසින් පකිස්තානු බළධාරීන් දැනුවත් කර ඇති අතර ඒකපාර්ශ්විකව ඔවුන් සංචාරය අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත් පකිස්තානු බළධාරීන් පවසන්නේ සංචාරක කණ්ඩායමට උපරිම ආරක්ෂාව සලසා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් නවසීලන්ත බළධාරීන්ට සහතික වී ඇති බවත්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පෞද්ගලිකවම මැදිහත් වී නවසීලන්ත අගමැතිනිය අමතා ආරක්ෂාව පිළිබඳව දැනුවත් කර ඇති බවත් පකිස්තානු බළධාරීන් පවසනවා.

පකිස්තානු බළධාරීන් වැඩිදුරටත් පවසන්නේ ආරක්ෂක පියවර පිළිබඳව නවසීලන්ත බළධාරීන් සෑහීමට පත්ව සිටි බවයි. එ‍සේ තිබියදී එකවරම සංචාරය අත්හිටුවා ක්‍රීඩකයන් රටින් පිටවීම අනපේක්ෂිත තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

UN




Source link