November 29, 2021

Ada Rata

All news in one location

වසංගතයෙන් බැටකන ජනතාව සාගතයකට ඇද දමන්න එපා



ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ගොවි ජනතාව පමණක් නොව තේ, පොල්, රබර් ඇතුළු අපනයන භෝග වගාකරුවන් පවා අන්ත අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වසංගතයකට මුහුණ දී සිටින රට සාගතයකටද මුහුණදීමට නියමිතව තිබෙන බවත්, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් සාගතයක් ඇතිවීම අනිවාර්ය බවත් විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝක 27(2) යටතේ අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

රටේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව වාර්ෂිකව අවම වශයෙන් 01% කින් ආහාර නිෂ්පාදනය ඉහළ දැමිය යුතු වන නමුත් ආණ්ඩුවේ අවිද්‍යාත්මක, අත්තනෝමතික හා මිත්‍යාදෘෂ්ටික තීන්දු හේතුවෙන් එකවරම ආහාර නිෂ්පාදනය අවම වශයෙන් 20% කින් පහත වැටෙන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

දේශීයව ප්‍රමාණවත් ආහාර සැපයුමක් නොමැති වූ විට සහල් හා එළවළු ඇතුළු අනෙකුත් බොහෝ ද්‍රව්‍යයන් විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් එහිදී ආනයනික ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි අතර, එය උග්‍ර විදේශ විනිමය අර්බුදයකටද මුල පිරීමක් වනු ඇති බවද විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

UN




Source link